ශ්‍රි ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් මිලියන 1.6 ක් වෙනුවෙන් අහිමි වු අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ යුනිසෙෆ් සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
මෙය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් මහතා ඇතුලු රජයේ මෙන්ම තවත් අංශවල දායකත්වය ඇතිව ආරමිභ කර තිබෙනවා.
මේ අතර යුනිසෙෆ් සංවිධානය පවසන්නේ දිවයින පුරා සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් කොවිඩි සහ ආර්ථීක අර්බුධය හේතුවෙන් අභියෝග රැසකට මුහුන දෙමින් සිටින බවයි.
3 වන ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85 ක් ගණනය කිරීම් සහ සාක්ෂරතාවය වැනි මුලික කුසලතාවන්හි අවම මට්ටම් පවා ලබාගෙන නොමැති බවයි යුනිසෙෆ් සංවිධානය කියා සිටියේ.
එම සංවිධානය අවධාරනය කරන්නේ පිලිගත් අන්තර්ජාතික මිනුම් මට්ටමට අනුව රටක දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 4 ත් 6 ත් අතර අගයක් අධ්‍යාපන ප්‍රතිපාදන සඳහා ලබා දිය යුතු බවයි.
නමුත් ශ්‍රි ලංකාවේ මේ වන විට අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 2 කට වඩා අඩු ප්‍රමාණයක් බවද යුනිසෙෆ් සංවිධානය පවසනවා.
ඒ අනුව ශ්‍රි ලංකාව දකුණූ ආසියාව තුළ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරනු ලබන රට බවට පත්ව ඇති බවයි යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරන්නේ.
උණුසුම් පුවත්
- රථ වාහන ක්ෂේත්රයේ පෙරළියක් !
- බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී 27ක් රෝහලට
- ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සංශෝධනය කරයි
- මෙරට සංවර්ධනයට කැනඩාවේ සහාය
- ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ
- දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට අයවැයෙන් රුපියල් මිලියන 2,000ක්
- උසස් පෙළට අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන්
- “හිමිකම “ ජාතික වැඩසටහන හෙට