ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා.
මෙම අනතුරින් මගීන් 130කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය කිහිපයක් තොරතුරු අනාවරණය කර තිබෙනවා.
කෙසේවෙතත් අනතුරෙන් මියගිය මගීන් ගණන මේ වනතෙක් කිසිඳු ඉන්දීය මාධ්‍යයක් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නැහැ
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී තිබෙනවා.
‘එයාර් ඉන්දියා‘ ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 240කට වැඩි පිරිසක් සිට ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










