වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුමක් ලබා දීම මෙහි මූලික අරමුණයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් මේ සදහා අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26 ක් ප්‍රවේශ පත්‍ර රහිතව නැරඹීමේ අවස්ථාව ළමුන්ට හිමි වනවා.
මෙයට සමගාමීව විදේශීය ළමුන් සඳහා ද සීමිත කොන්දේසී යටතේ අදාළ ස්ථාන සඳහා ඇතුළුවීමේ අවසර පත් නිකුත් කිරීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.