අවන්හලකට ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට පහරදී දේපොළ සොරා ගත් බව කියන පුද්ගලයන් අට දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝදර පොලීසිය කියා සිටියේ අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කාන්තාවන් තිදෙනෙක්ද වන බවයි.
එසේම අපරාධය සඳහා යොදා ගත් බව කියන මෝටර් රථයක් සහ මුදල් පසුම්බියක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













