අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරිවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා
වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ දී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අදාළ නිලධාරීයා පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් සොයාගෙන ඇති බව සඳහන්
ඔහුගේ රාජකාරී පාවහන් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කලා .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 20ක පමණ කාලයක් බන්ධනාගාරයේ සේවය කළ නිලධාරියෙකු වනවා
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත යොමුකර තිබෙනවා
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි













