අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 6 වන දිනය අදට යෙදී තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වූ අතර, ඡන්ද විමසීම අද පස්වරු 6.00ට පැවැත්විමට නියමිතයි.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6.00ට සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.













