ඇමරිකා එක්සත් ජනපදයේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ අධික ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයට ඇති වූ ගංවතුරෙන් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි.
එමෙන්ම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ කඳුකර නිකේතන ගම්මානයේ සහ ඒ අවට නිවාස සහ වාහන රැසක පුද්ගලයින් සිරවී සිටින බවද වාර්තා වනවා.