අපේ ජනබල පක්ෂය වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර
තිබෙනවා.
එම පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා ලිපියක් නිකුත් කරමින්
මේ බව නිවේදනය කර තිබුණා.
එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ජාතික ජන බලවේගය ප්‍රමුඛ
වත්මන් ආණ්ඩුවට සිය සම්පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කළ බවයි
එම නිවේදනයේ දක්වා ඇත්තේ.
එමෙන්ම ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලදී එම පක්ෂයේ සහයෝගය
ජාතික ජන බලවේගය වෙත ලබාදීමට එහිදී තීරණය කර තිබෙනවා.
දැනට වත්මන් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන ජාතික කර්ත්‍යවයන්
බොහෝමයක් අපේ ජනබල පක්ෂය ඉහළින් අගය කරනු ලබන බවද එහි
සදහන්.
අපේකම හා බැදුණු හෙළ සංස්කෘතික දායාදයන් සුරකිමින් බෞද්ධ පරිසරය
තුළ
සැමවිටම ජීවත්විය හැකි ශ්‍රී ලාංකික ජාතියක් බිහිකිරීමේ
ජනාධිපතිවරයාගේ ප්‍රයත්නයට සිය පක්ෂයේ ආශිර්වාදය හිමිවන බව ද
අදාළ නිවේදනය මඟින් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













