අනුරාධුපර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පසුගිය සිකුරාදා දිනයේදී ඇප මත මුදාහැරීමෙන් පසුවයි.
එහිදී සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
කෙසේ වෙතත් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව සැකකරු නැවතත් අත්අඩංගුවට ගෙන 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.