හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වුනා.
ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණා.
1`968 වසරේ තිස්ස ලියනසූරිය ආරච්චි මහතා අද්‍යක්ශණය කළ පුංචි බබා චිත්‍රපටය ඇයගේ පළමු සිනමා අත්දැකීම වනවා.
ඒත් සමග සිය සිනමා දිවිය ආරම්භ කරන මාලනී ෆොන්සේකා මහත්මිය රංගනයෙන් දායක වී ඇති සමස්ත චිත්‍රපට ගණන 140 කට ආසන්නයි.
ඊට අමතරව වේදිකා නාට්‍ය 14 කට සිය රංගණ දායකත්වය ලබා දුන් ඇය ජාත්‍යන්තර සම්මාන දිනාගත් පළමු ශ්‍රී ලාංකික නිළියද වනවා..