හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී ඊට අදාළ ඡායාරූප ගාස්තුව ඉහල දමා තිබෙනවා.

ඒ අනුව ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන්.

ඒ අනුව 2016 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. මීට පෙර ඒ සඳහා අයකළ යුතු උපරිම ගාස්තුව ලෙස සදහන් වුණේ රුපියල් 150 ක මුදලක් පමණයි .

WhatsApp Group

Skip to content