ආනයනික භාණ්ඩ මත මත පැනවූ සෙස් බද්ද බලාත්මක කර තිබෙනවා.
ඒ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
මේ යටතේ කේත 187 ක් යටතේ වන භාණ්ඩ 637 ක මිල ඉහළ යනු ඇති.
ඒ අනුව ආනයනික සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි සහ පොත්, පෑන්, පාවහන්, ටයර් ආදී භාණ්ඩවල මිල ඉහළ යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.