සුඩානයේ පවතින ගැටුම් හමුවේ සිරවී සිටින ඉන්දියානුවන් මුදාගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා 03 ක් යෙදවූ බව ඉන්දීය විදේශ කටයුතු ලේකම් Vinay Mohan Kwatra පවසනවා.
එම නෞකා හේතුවෙන් සුඩානයෙන් ඉන්දියානුවන් මුදාගැනීම සඳහා වන කාවේරි මෙහෙයුම සාර්ථක වූ බව ඔහු සඳහන් කළා.
නාවික හමුදාවේ නෞකා 03 මගින් සුඩාන වරායට රැස්ව සිටින ඉන්දියානුවන් ආරක්ෂිතව සෞවුදියේ ජෙඩා වෙත රැගෙන ආ බව විදේශ ලේකම්වරයා සඳහන් කළා.
ජෙඩා වෙත රැගෙන එන පිරිස් ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා 02 ක් මගින් ආරක්ෂිතව නවදිල්ලියට රැගෙන එනවා.
මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීම සහ සාර්ථක කර ගැනීම සඳහා නවදිල්ලියේත්, ජෙඩා හිදීත්, සුඩාන වරායේ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇතැයි ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළා.