පවතින ආපදා තත්වය හමුවේ අසරණ වූ අපේම ජනතාවට පිහිටක් වීමට කොලොන්නාව රජ මහා විහාරාධිපති කොලොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් වී එෆ් එම් මෙවරත් ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබෙනවා .
ඒ අනුව අවැසි මොහොතේ සවියක් වන්නට සවියක් වී සමාජ සත්කාරක වැඩසටහන මෙවරත් ක්‍රියාත්මකයි .
මේ සදහා ඔබටත් දායක වීමේ අවස්තාව ශ්‍රී ලාංකිකයින්ගේ රේඩියෝව වී එෆ් එම් විසින් සලසා තිබෙනවා .
ඔබටත් හැකි අයුරින් මේ සදහා ලබා දිය හැකි දායකත්වයෙන් වී එෆ් එම් ප්‍රධාන කාර්යාලයට ගෙනවිත් භාර දීමේ හැකියාව පවතිනවා .
ඒ සදහා අවශ්‍ය වැඩිදුර තොරතුරු 077 622 79 20 යන අංකයෙන් ඔබට දැනගත හැකියි .
නැතහොත් , කොළොන්නාව රජමහා විහාරයට ද ඔබේ වටිනා දායකත්වය ලබා දීමේ අවස්තාව සලසා තිබෙනවා .
ඒ සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට 077 364 93 02 යන අංකය ඔස්සේ පුජ්‍ය තැනිපිට සුදේව හිමියන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා .
එමෙන්ම මේ පිළිබද වැඩිදුර තොරතුරු වී එෆ් එම් ෆේස්බුක් පිටුවෙන් යාවත්කාලින කිරීමද සිදු වනවා.














