හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර තිබෙනවා.
ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඔහු රෝහල් ගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පෙරේදා(21) පැවැති තරඟය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ සිටියා.
එහිදී ප්‍රීති ඝෝෂා නගමින් අධික ලෙස වෙහෙස වීම හේතුවෙන් ඔහුට විජලන තත්වයක් මතුව ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ..
එම රෝගී තත්වය හේතුවෙන් ඔහුව අහමදාබාද්හි කේ.ඩී රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.