තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති සංචාරක ඇගැයීම් උළෙලේදී ,ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , ” විශිෂ්ඨතම ගුවන් සේවා හවුල්කරු ” සම්මානය හිමි කර ගැනීමට සමත් වී තිබේ .
මෙම සංචාරක උළෙල ඉකුත් 11/19 දින තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි හී දී පවත්වා තිබූ අතර ප්‍රාන්තයේ සංචාරක කරමාන්තයට ශ්‍රී ලන්කන් ගුවන් සේවය දක්වන කැපී පෙනෙන දායකත්වය මෙහිදී ඇගැයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමීමට පියවර ගෙන තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සාප්පු සවාරි , වන්දනා චාරිකා සහ වෛද්‍ය ප්‍රතිකාර සදහා තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි , තිරුචිරප්පල්ලි සහ මධුරෙයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර 35 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරමින් සිටිති .
මීට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ නවදිල්ලි , මුම්බායි , හයිද්‍රාබාද් , බැංගලෝර් , කොචින් සහ තිරුවනන්තපුරම් යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ද සතියකට ගුවන් ගමන් වාර 90 ක් ක්‍රියාත්මක කරමින් සිටිති .
මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී “දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවයට ” හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් වී තිබුණි .