ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් 690ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීම අද දිනයේදී සිදු කෙරුණා.
මෙම උත්සවය පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශයේ පිහිටි ශ්‍රවණාගාරයේදීයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මග වැඩසටහන යටතේ මෙම උපකරණ බෙදා දෙනු ලබනවා.
කනිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක් ,ක්‍රිකට් සපත්තු කට්ටල නම දාස් නමසිය අනූපහක් පන්දු විසිකිරීමේ උපකරණ නමසිය හැත්තෑවක් ක්‍රිකට් පුහුණු උපකරණ කට්ටල අනූ හතක් ,ක්‍රිකට් පන්දු 2760ක් බෙදා දුන් උපකරණ අතර වෙනවා.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස ලේකම් බන්දුල දිසානායක යන මහත්වරුන් මෙම අවස්ථාවට එක් වුණා.
මේ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කලේ රට තුල ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.