මාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාළදිවයිනේ මෝල්ඩිවියන්ස් ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී 09.55ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
මෙහිදී ජල ආචාර පවත්වමින් මෙම ගුවන් යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා.
ඒ අනුව ඉදිරියේදී මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක් , එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාළදිවයින අතර ගුවන් ගමන් වල නිරත වීමට නියමිතයි.