ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලමේන්තු කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණා.
වත්මන් රජයේ ක‍්‍රියා කලාපය පැසසීමට ලක් කළ මහකොමසාරිස්වරයා රටෙහි නීතිය හා විධානයේ ආධිපත්‍යය ස්ථාපනය කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳවද සිය සතුට පළ කර තිබෙනවා.
එමෙන්ම දෙරට අතර සහයෝගය ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා සිය සහයෝගය ලබා දෙන බවත් ශ‍්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා තම රටෙහි සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කළා.