ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 10න් පරාය කරමින් 8 වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 50 කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.
ඒ, පන්දුවාර 15යි පන්දු 2 ක් පමණක් යොමු කරමින්.
කුසල් පෙරේරා පළමු පන්දුවාරයෙන්ම ලකුණු නොලබා දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු දෙකකටත්, සධීර සමරවික්‍රම හා චරිත් අසලංක ද ලකුණු නොලබා සිටියදී දවා ගැනීමටත් ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. ධනංජය ද සිල්වා ලකුණු 4 යි. අනතුරුව නායක දසුන් ශානක ද ලකුණු නොලබා දැවී ගියා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් රැස් කළා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 8කට දැවී ගිය අතර, දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 13 ක් රැස් කළා.
සුපිරි පන්දු යැවීමක නිරත වූ මොහමඩ් සිරාජ් ලකුණු 21 කට කඩුලු 6 ක් දවා ගත්තා. හර්ඩික් පාන්ඩ්යා කඩුලු 3 ක් ද, ජස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ලක් ද බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩාය පන්දුවාර 6යි එක් පන්දුවක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 27 ක් හා ඉෂාන් කිෂන් නොදැවී ලකුණු 23 ක් රැස් කළා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














