පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අදාළ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම් දීමට වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ආණ්ඩුවට සති 2 ක කාලයක් ලබා දී තිබෙනවා.
එහි කැඳවුම්කරු රවිදු සචින්ත සදහන් කළේ සති 2ක කාලය ඇතුළත අදාළ කැබිනට් තීරණ අහෝසි කිරීමට ආණ්ඩුවට කටයුතු කළ යුතු බවයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෛද්‍ය පීඨ සිසුන් ඊයේ පස්වරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අතර සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.