2024 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි.

අද දිනයේදීත් පරිසර අමාත්‍යංශය සහ වනජීවි, වනසංරක්ෂණ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මේ අතර අද දින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදි ඔහු කියා සිටියේ ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නය ඉදිරියේදී අවසන් නොවුනහොත් මීළඟ ජනාධිපතිවරණයෙන් එය අවසන් කරන බවයි.

එමෙන්ම ඔහු අවධාරණය කර සිටියේ තමාට මේ වන විට විවිධ විෂම චෝදනා නගමින් පොලිසිය විසින් වැටලීම් ද සිදු කරමින් පවතින බවයි.

එමෙන්ම තමාට විවිධ පුද්ගලයින්ගෙන් මරණ තර්ජන ද සිදුවන බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/11/ROSHAN-RANASINGHA-EDIT-01-.mp3?_=1

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/11/ROSHAN-RANASINGHA-EDIT-02.mp3?_=2

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව වැටලීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විභාග කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලමේන්තුවේදී අවධාරණය කර සිටියා.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-PREMADASA-EDIT-01-1.mp3?_=3

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ඔහු සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙසට විපක්ෂ නායකවරයා විසින් අද දින කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-PREMADASA-EDIT-02-1-1.mp3?_=4

මේ අතර අද දින පාර්ලමේන්තුවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/11/LAKMAN-VS-NAMAL-EDIT-.mp3?_=5

WhatsApp Group

Skip to content