සත්ත්ව ආහාර නිෂ්පාදන කාර්යය සඳහා ආනයනය කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ජනවාරි මස 15 වන දින හෝ ඊට පෙර ආනයනනය කරන ලද බඩ ඉරිඟු සඳහා එම බද්ධ පනවා ඇති බව වාර්තා වනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම බද්ධ පනවා තිබෙනවා.

ජනවාරි මස 26 වන දින සිට පෙබරවාරි මස 25 වන දින දක්වා කාලය සඳහා මෙම විශේෂ වෙළද භාණ්ඩ බද්ධ වලංගු බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ .

WhatsApp Group

Skip to content