මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට යම් බලපෑමක් එල්ල වී ඇති බව එම සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ අද දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යෑම ඊට හේතුව වී ඇති බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,200ක් පමණක් මේ වන විට දිවයිනම ආවරණ කරමින් සේවයේ යෙදෙන අතර එය සේවා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවයි එම සංගමය අවධාරණය කළේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පුහුණු කිරීම සඳහා වසර දෙකක් පමණ ගතවන බව සඳහන්.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ මෙන් යම් සේවා දිගුවක් ලබා දෙන ලෙසයි උපුල් රෝහණ මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව ට ද අවුරුදු 63ක දක්වා දීර්ඝ කිරීමක් ලබා දෙන්නේ නම් පවතින අර්බුදකාරී වාතාවරණය තරමක් දුරට වළක්වා ගත හැකි බවද එම සංගමය සඳහන් කළා.
උණුසුම් පුවත්
- චාරිකාවක පැමිණි පාසල් සිසුන් පිරිසක් හදිසියේ අසනීප වෙයි
- මාතර, කපුගම වෙඩි තැබීමක්
- Sri Lanka Festival in Tokyo 2025 ඇරඹේ
- හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- අද සිට කටුනායකින් රියදුරු බලපත්‍ර
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දියානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඇටවිල ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට