සංචාරක වීසා කාලය ඉක්මවා ඕමානයේ රැදී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල ඉවත් කරගැනීමට සාකච්ඡා කරමින් පවතින බව විදේශ රැකියා සුබසාධක අමාත්‍යංශය පවසනවා.
රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා කියා සිටියේ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි.
එම කාන්තාවන් දිවයිනට ගෙන්වා ගැනීමට අදාළ ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන් මේ වන විට ගැටළුවක් ඇති වී නොමැති බව ද ඔහු කියා සිටියා.













