විදුලි බිල වැඩි කිරීමට එරෙහිව හැටනවලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් තබා ගැනීම අද මාතර දී ආරම්භ වුණා.
ඒ හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි බිල වැඩි කිරිමේ යෝජනාවට විරෝධය පල කරමින්.
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා බලශක්ති සංරක්ෂණ කමිටුව එක්වයි එය සංවිධාන කර ඇත්තේ.