පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමට සැබෑ හේතුව කුමක් ද යන්න හඳුනා ගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පෙන්වා දේනනේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ ආණ්ඩුව ඉන්පසුව පසුගිය ආණ්ඩුවලට දෝෂාරෝපණ එල්ල කිරීම සිදුකල බවයි.
විදුලිය විසන්ධි වීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය ඉහළ නොදැමීම සහ අඩු විදුලි ඉල්ලුමක් ඇති කාල වේලාවන් කළමනාකරණය කිරීමේ දුර්වලතා බවද විපක්ෂ නායකවරයා පෙන්වාදී තිබෙනවා.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඉකුත්දා සිදු වූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සිය X ගිණුමෙහි සටහනක් තබමින්.