රුපියල් ලක්ෂ දහ හතරක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි 275 ක් සිය ගමන් මලු තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු 11/28 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මීගමුව , දළුපොත ප්‍රදේශයේ පදිංචි , මැලේසියාවේ කුළී රැකියාවක මාස 06 ක් පමණ නිරත වී සිට මෙරටට පැමිණෙමින් සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි .
මොහු 11/28 දින අලුයම 12.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විද්‍යුත් දුම්වැටි තොගය සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සමග ඔහු රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .