අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ වාරිමාර්ග ජලාශවල ජල ධාරිතාව සියයට 75ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ තම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 40 ක් වාන් මට්ටමට පැමිණ ඇති බවයි.

මේ අතර අධික වැසි හේතුවෙන් හල්දුම්මුල්ල කොට්ඨාශයේ පාසල් 3 ක් වසා දමා තිබෙනවා.

එමෙන්ම කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල – උඩුවර ප්‍රදේශයෙන් අද සිට සියලු දුර ගමන් බස් ධාවනය සිමා කර තිබෙනවා.

නායයාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ජනතාවයට දැනුම් දෙන්නේ.

මේ අතර උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක පා්‍රදේශීය ලේකම් කොට්ඨාශ 34 ක් සදහා නායයාමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content