වතුකරයේ ජනතාවට අපහාසවන ආකාරයට ප්‍රකාශයක් නිකුත් කර එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදාහැරි බව කියන වතුකරය නියෝජනය කරන සිවිල් ක්‍රියාකාරී කාන්තාවකට එරෙහිව අද(30) දින හැටන් නගරය්දී දමිල සිවිල් ක්‍රියාකාරී සංවිධානයක් උද්ඝෝෂණයක නිරතව තිබෙනවා.
පසුගියදා ඉන්දියාවේ පැවැති ආසියානු මළල ක්‍රීඩා තරගයට සභාගි වී ඉකුත් 18 වන දින මෙරටට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැවැති පිළිගැනීමේ උත්සවයට ගොස් සිටි එම සිවිල් ක්‍රිකාකාරී කාන්තාව වතුකරයේ ජනතාව කුසගින්නේ සිටින ජාතියක් බවත් එම ජනතාව අතරින් බිහි වූ ආසියානු මළල ක්‍රීඩාවට සහභාගි වූ ක්‍රීඩකයින් සිටින බව ඇය පවසා එම ප්‍රකාශය වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
එම ප්‍රකාශයට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව කියා සිටියේ වතුකරයේ ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවතින පිරිසක් බවත් එම පිරිසට අපහාස වන ආකාරයට ප්‍රකාශ කිරීම තරයේ හෙළා දකින බවත්ය.










