ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එක්සත් අරාබී එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙනවා.
සිම්බාබ්වේ බුලවායෝහීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ පළමු තරග දෙකෙන් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාම ඊයේ සමත් වුණා.
ඒ නේපාල කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම පරාජයට පත් කරමින්.
එහිදී නේපාලයට එරෙහිව පැවති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 290ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44යි එක් පන්දුවක් අවසානයේ කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 291ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
මේ අතර ඇමරිකානු කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුණු 39ක ජයක් වාර්තා කිරීමටයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණේ.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 297ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකාවට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 258ක් පමණයි.
උණුසුම් පුවත්
- අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්
- තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
- අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
- වෑන් රථයක් පෙරළෙයි
- වියට්නාමයේ බෝට්ටු අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
- අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජයේ අවධානය
- පන්ති කාමරයක සිසුන් සීමා කිරීමට කටයුතු කරන බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉවත් කෙරේ.