ලුණු සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා ලුණු නිශ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ ජාතික පාරිභෝගික අධිකාරිය සමග ඇති කර ගත් එකගතාවයකින් පසු මෙම තීරණය ගත් බවයි. ඒ අනුව උපරිම සිල්ලර මිලකට යටත්ව ලුණු මිල අඩු කිරීම සදහා කටයුතු කරන බව ලුණු නිශ්පාදකයින්ගේ සංගමය සදහන් කළා. මේ අනුව ලණු කැට කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 180 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. එමෙන්ම ලුණු කුඩු කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 240 ක උපරිම සිල්ලර මිලක් නියම කරීමටයි තීරණය කර ඇත්තේ. සමස්ත ලංකා ලුණු නිශ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ ලුණු කුඩු ග්‍රෑම් 400 ක් සදහා රුපියල් 120 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- ග්රාම නිලධාරිනියට තග දැම්ම ප්රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
- ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
- හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
- ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ













