රුසියාව විසින් යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කලේ ජල පිරිපහදු යන්ත්‍රයකට සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයකට මෙලෙස පහර දී ඇති බවයි .

එමෙන්ම පාසල් දෙකකට සහ විශ්වවිද්‍යාලයකට ද එම ප්‍රහාරයෙන් හානි සිදුව තිබෙනවා .

යුක්රේන ගුවන් හමුදාව විසින් කෲස් සහ ගුවන් බැලිස්ටික් මිසයිල 22 ක් විනාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

එරට ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ විනාශ වූ මිසයිලවල සුන්බුන් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

WhatsApp Group

Skip to content