ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එහි වාසිය කඩිනමින් ජනතාවට ලබා දීමට වෙළෙඳ සංගම් එකඟ වූ බවයි.

මේ හේතුවෙන් උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද දිනයේ සුළු අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311යි ශත 62ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 328 ශත 90ක් ලෙසයි.

ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307යි ශත 36ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල රුපියල් 325යි ශත 52ක් ලෙස සටහන් වුණා

WhatsApp Group

Skip to content