රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජනවාරි මස නියමිත පරිදි ගෙවීමට හැකිවන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව විධායක නිලධාරින්ගේ වැටුප ජනවාරි මස 25 වන දා හෝ 26 වනදා ගෙවීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
මේ අතර විධායක නොවන සේවකයනින්ගේ වැටුප ජනවාරි මස 25 වන දා ගෙවීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.
ඔහු මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
හඬ පට ධාවකයමේ අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9300 මුදලක් අවශ්‍ය නමුත් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 87ක මුදලක් බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.
හඬ පට ධාවකය