තවත් වසර 02 කින් මෙරට සහල් නිෂ්පාදනය වැඩි කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවත් මේවන විට මෙරට ගොවීන්හට ප්‍රමිතියෙන් යුත් සහතික කළ බීජ පාවිචියට ලැබෙණුයේ 10% ක ප්‍රමාණයක් බවත් බිත්තර වී ගොවීන් සවිබලගන්වමින් එය 25% දක්වා ඉහල දැමීමටත් රජය සූදානම් බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්‍රි සුසන්ත කුමාර නවරත්න මහතා පවසනවා.
මන්ත්‍රිවරයා එසේ සඳහන් කළේ “වාරි මහිම – අපේ උරුමය” ව්‍යාපෘතිය යටතේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 56 ඇටවීරගොල්ලෑව ගම්මානයේ රුපියල් ලක්ෂ 7,761,189.30ක ඇස්තමේන්තු ගත මුදලකින් සමන්විත වූ හිඟුරු වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මේවන තෙක් අනුරාධපුර දිස්ත්‍රිකයේ විධිමත් ප්‍රතිසංස්කරණයක් නොවූ වැව් නැවත විධිමත් ලෙස ප්‍රතිසංස්කරණය කරමින් කෘෂි කර්මාන්තයට එක් කරන බවත්, ඒ අනුව මෙරට මාස් කන්නය වන විට වී මෙටි්‍රක්ටොන් 40-45 නිෂ්පාදනය වූ බිම් තුළින් වී මෙටි්‍රක්ටොන් 50-55 ක් නිෂ්පාදනය කිරීමට හැකිවන බවද ඒ මහතා සඳහන් කළා.
වත්මන් ආණ්ඩුව විසින් පළාත් වශයෙන් සහ ග්‍රාමීය වශයෙන් සංවර්ධනය ගමට ගෙන ඒමේදී විපක්ෂය බිය වී ඇති බවත් ඒ අනුව සියලු කණ්ඩායම් එක් වී දෙසැම්බරයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න මේවන විට සැලසුම් හදමින් හීන දකින බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.