රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය ජාතික වැඩසටහන අද සිට ආරම්භ කරන බව ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එහි ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන බවයි.

මේ යටතේ අද දිනයේදී ඉඩම් ඔප්පු 12,000ක් පමණ ප්‍රදානය කිරීමට නියමිත අතර ලබන 15 වනදායින් පසුව පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

මේ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නැවත ක්‍රීඩාවලට ලබාදීමද මෙහිදී සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content