රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රංජිත් අශෝක මහතා අද සිය දුරයේ වැඩ භාරගනු ලැබුවා.

ඒ කොළඹ 07 පිහිටි එම අමාත්‍යාංශයේදියි.

1990 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ රංජිත් අශෝක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේ්‍යෂ්ඨතම නිලධාරියෙකු වනවා.

මීට පෙර මෙම තනතුරේ වැඩකටයුතු සිදු කරනු ලැබුවේ නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින්.

ඊයේ දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැදවීමක් සිදු කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි අද දින මෙලසෙ නව ලේකම්වරයෙකු පත් කර ඇත්තේ.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර නොගන්නා ලෙස සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට ලිපියක් මගින් දැන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතා පසුගිය කාලයේදී දැඩි විවේචනයට ද ලක් වුණා.

WhatsApp Group

Skip to content