යුරෝපා වෙළඳපොළට ප්‍රවේශ වීම පිළිබඳ අධ්‍යයනයකට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිපෝ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

මෙහිදී යුරෝපා රටවල ඇඟලුම් වෙළඳපොළ පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙන අතර වෙළඳ රෙඟුලාසි, තීරුබදු රහිත වෙළඳාම, පාරිසරික හා සමාජ අවශ්‍යතා ආදී ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අධ්‍යයන කිරීමට නියමිතයි.

යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් වැඩසටහන යටතේ පූර්ණ තීරුබදු සහන හිමිකරගනිමින් නව වෙළඳපොළ වෙත යොමුවීමේ හැකියාව මෙරට සතුවන බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content