මාස කිහිපයක් ඇතුළත යුරේනීයම් බලගැන්වීමේ කටයුතු යළි ආරම්භ කිරීමේ හැකියාව ඉරානයට පවතින බව ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසනවා. අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කළ ද ඒවා සම්පූර්ණයෙන් විනාශයට පත්ව නොමැති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. මෙම තත්ත්වය තුළ සිය න්‍යෂ්ටික වැඩසටහන් යළි ආරම්භ කිරීමේ හැකියාව ඉරානයට පවතින බව පරමානුක බලශක්ති ආයතන ප්‍රධානීයා ප්‍රකාශ කර තිබෙනවා. අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශයට පත්වීමක් සිදුව නොමැති බවට මීට පෙරද වාර්තා පල වී තිබුණා. කෙසේ වෙතත් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඉරානය යළිත් යුරේනියම් බල ගැන්වීමේ කටයුතු ආරම්භ කළහොත් ඔවුන්ට යළි ප්‍රහාර එල්ල කිරීමට පියවර ගන්නා බවයි.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














