නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ දින සිදු වූ බිඳවැටීම හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමු කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
එම යෝජනාවට අනුව අද සවස සහ හෙට සවස පැය එකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සහ 09.30 දක්වා කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක වන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.