මුදල් වංචා කිරීමේ සිද්ධි දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් පරිගණක අපරාධ විමර්ශන වයඹ පලාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් සිදු කර තිබෙනවා.
එක් පැමිණිල්ලක අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා මුදල් වංචා කරන ලද මුදල් රුපියල් 3,141,967ක මුදලින් සැකකාරියගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ දෙකක මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශ්වයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
අනෙක් පැමිණිල්ලේ අන්තර්ජාල වයාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා වංචා කරන ලද මුදල් රුපියල් 3,141,967ක මුදලින් සැකකරුගේ නමින් ඇති ගිණුමකට රුපියල් 233,522ක මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශ්වයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව 2026 පෙබරවාරි 12 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වයස අවුරුදු 33ක් වන ගාල්ල ප්‍රදේශයේ සැකකාරියක් සහ වයස අවුරුදු 36ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














