මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරනවයි නම් වර්ණදේහය පසුගිය වසර මිලියන ගණනක් තුළ වෙනස්කම් රැසකට ලක් වී ඇති බව සඳහන්.

පසුගිය වසර මිලියන 166 තුළ වයි නම් වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවයි අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

එය වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයක් වනවා.

ඒ අනුව වසර මිලියන 4.5ක් තුළදී අදාළ වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතිනවා.

මෙම වර්ණදේහ නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැනු ජීවින් වනු ඇති.

WhatsApp Group

Skip to content