අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම සඳහා ඉල්ලමක් කළ බව මැතිවරණ කොමිසම පවසනවා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහායි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
මැතිවරණ කොමිසම කැඳවා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අතර පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සටහන අත්නොහරින බවයි.
හඬ පට ධාවකයජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජන බලයට බය වී ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
හඬ පට ධාවකයපාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පලකළා.
ඔහු කියා සිටියේ කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවයි
හඬ පට ධාවකය