ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ඉපයීමට නොවන බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කලේ මහ බැංකුව 2024 වසරේදී රුපියල් බිලියන 114ක පාඩුවක් ලබා ඇති බවයි.

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ ප්‍රමුඛ කාර්ය භාරය බවයි ඒ මහතා සඳහන් කලේ.
මහ බැංකු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කලා.

WhatsApp Group

Skip to content