මට්ටකුලිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මට්ටකුලිය අලිවත්ත ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයා පසුව මට්ටක්කුලිය පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවද පොලීසිය ප්‍රකාශ කළා.
එමෙන්ම මෙලෙස වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
මේ අතර මෙම වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයාගේ ඥාතීන් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ ඥාතීන්ගේ නිවෙස් වලට ප්‍රහාර එල්ල කරමින් අලාභ හානී සිදු කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්රදර්ශනය ගැන ජනපති ප්රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්රගතිය සහ ඉදිරි සැලසුම්













