වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය පියවර ගෙන තිබෙනවා..
උඳු, මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, තල, කොල්ලු යන ක්ෂේත්‍ර භෝග සඳහා මෙම සහනදායී රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව කව්පි වගාව සඳහා ගොවි ජනතාව අක්කරයකට රුපියල් 4,200ක් වැනි මුදලක් මගින් රක්ෂණය කිරීමට හැකියාව පවතිනවා.
ඒ අනුව එම වගාවට ස්වභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි මෙන්ම වනඅලිගෙන් සිදුවන හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 60,000ක රක්ෂණ වන්දියක් ලබාදීමටයි සැලසුම්කර ඇත්තේ.
මීට අමතරව මුං වගාව සිදුකරන ගොවීන් තම වගාවේ අක්කරයක් රුපියල් 5,600ක වැනි මුදලකට රක්ෂණය කල හැකි අතර හානිවීමකදී අක්කරයක් සඳහා රුපියල් 80,000ක වන්දි මුදලක් ලබාගත හැකි වනු ඇති.
වනඅලි තර්ජන සහිත දිස්ත්‍රික්කයන්හි වගාවන් සඳහා සිදුවන හානිවීමකදී වන්දි ලබා ගැනීම සඳහා මෙම සහනදායී රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










