Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බොරුව මුසාව මුලාව පසෙකලා රටට ඇති සැබෑ අභියෝගය හඳුනාගත යුතුයි

    බොරුව මුසාව මුලාව පසෙකලා රටට ඇති සැබෑ අභියෝගය හඳුනාගත යුතුයි

    2025-09-04කියවීමට මිනිත්තු 3ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වන විට අපිට තවත් අභියෝග රැසක් ඇති බවත් මේවා ගැන ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු බවත් 2028 සිට අප රටක් ලෙස වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් බිලියන 5.5ක විදේශ ණය ගෙවිය යුතු බවත් එය එසේ කරන්නට 2025, 2026 සහ 2027 යන වසර 3 අවම වශයෙන් 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් ලෝක බැංකුවත් අයි.එම්.එෆ්. එකත් පුරෝකථනය කර ඇති ආකාරයට මේ කාලයේ අප රටේ ආර්ථික වර්ධනය වේගය අඩු බවත් එබැවින් සියලු දෙනා අත්වැල් බැදගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව මේ ගමනට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    5% ආර්ථික වර්ධන වේගය නඩත්තු නොවුවහොත් 2022 තත්ත්වය නැවත වරක් 2028 නිර්මාණය වී ජනතාව පීඩනයට පත්ව අසරණ වන බවත් දුක්ඛිත කණගාටුදායක තත්ත්වයකට මුල පුරන බවත් එම තැනට යන්න කිසිදු අපේක්ෂාවක් නොවන නිසා මේ සත්‍ය වටහා ගෙන මේ ඉලක්ක අභියෝග ජයගැනීමට සියලු දෙනා කැපවිය යුතු වුවත් අද රටේ ඇත්තේ බොරුව රැවටීම මංමුලාව බවත් පැය 24ම බොරුවෙන් ජනතාව රවටා අන්දවා ඇති බවත් ප්‍රවෘත්ති මවමින් නැති දේවල් ඇති කරමින් ඇති දේවල් නැති කරමින් යන බවත් මේ ඇන්දවිල්ල තුළ රැවටෙන්නේ ලක්ෂ 220ක් ජනතාව බවත් මුදල් ගෙවා කුලියට විවිධ අසත්‍ය ප්‍රචාර කරමින් බොරුව රජකරවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වේරහැර ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ රජමහා විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද ධාතු මන්දිරය, පරිගණක මධ්‍යස්ථානය සහිත තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

    මුදලට ස්ථාපිත කරන ව්‍යාජ පුවත්වලට ඉඩක් නොදිය යුතු බවත් බොරුවෙන් රැවටිල්ලෙන් චරිත ඝාතනයෙන් මිදි සැබැ අභියෝගය අවබෝධ කර ගත යුතු බවත් මුසාවෙන් මුලාවෙන් රටේ ජනතාව රැවටීම නොකළ යුතු බවත් අද වන විට සම්බුද්ධ ශාසනය විනාශ කර ව්‍යාපෘති පවා ක්‍රියාත්මක බවත් මේවා වහාම නතර කළ යුතු බවත් සම්බුද්ධ ශාසනයට මෙන්ම සෙසු ආගම්වලට ද නිසි තැන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම අපේ වගකීමයි

    ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ගම් නියම්ගම් කේන්ද්‍ර කර ගෙන ශාසනික අභිවෘද්ධිය සාමය සමෘද්ධිය සෞභාග්‍ය උදෙසා ශ්‍රේෂ්ඨ ක්‍රියාවලියකට උර දී ඇති බවත් සුවපත් සමාජයක් සහකම්පනයෙන් යුත් ශීලාචාර සදාචාරසම්පන්න ශිෂ්ටසම්පන්න පුරවැසි පරපුරක් බිහි කිරීම උදෙසා ගෞරවනිය මහා සංඝරත්නය ඉටු කරන සේවාව අතිවිශිෂ්ට බවත් බොහෝ විහාරස්ථාන වැසී යන තැනට පත්ව ඇති මොහොතක සමාජයේ මානුෂීය ගුණාංග පවා බැහැර යන මොහොතක සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර ආගම දහම රැකගෙන රටට සෞභාග්‍ය උදා කරවීම සැමගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    යල්පැනගිය අධ්‍යාපනයෙන් බැහැර විය යුතුයි

    අප රටේ ඇත්තේ යල්පැනගිය අධ්‍යාපනයක් බවත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර නූතනවාදී කර නවීකරණය කර පැරැණි ඉපැරණි ගුණාංග රැකගෙන සුහුරු අධ්‍යාපනය අප රටේ ක්‍රියාත්මක කර විද්‍යා තාක්ෂණ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය කේන්ද්‍ර කර ගෙන අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් ඇති කරන බවත් එහි දී ඉතිහාසය විෂය බැහැර කරනවා නම් එය වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ඉතිහාසය විෂයක් ලෙස ඉගෙනීමට අවස්ථාව ලබා දිය යුතුයි

    ඉතිහාසය ගැන පාසල් දූදරුවන්ට දැනුමක් තිබිය යුතු බවත් ඉපැරණි ශිෂ්ඨාචාර ගැන අවබෝධයක් ලබමින් නවීන ලෝකයට නව යුගයට ඔබින සුහුරු අධ්‍යාපන ක්‍රමයකට යා යුතු බවත් ගිරා පෝතක කටපාඩම් අධ්‍යාපනයෙන් බැහැරව ලොව ඕනෑම තැනක ඕනෑම විෂයක් කේන්ද්‍ර කර ගෙන කුසලතාව නිපුණතාව මත රැකියා වෙළෙදපොළේ තරග කර රැකියා ලබා ගත හැකි පුරවැසියන් බිහි කරන අධ්‍යාපනයකට මුල පිරිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    පෙර පුව​තදීර්ඝ සති අන්තියේ නුවරඑළියට විශාල සංචාරකයන් පිරිසක්
    ඊළඟ පුව​ත ධාවනයට නුසුදුසු තත්ත්වයේ ලොරි රථයක් පොලිස් භාරයට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group