ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
පළමු තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී නායක ෆෆ් ඩූ ප්ලෙසි ලකුණු 55ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 54ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්තාන් කණ්ඩායමට පන්දුවාර 10යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 59ක් පමණයි.
ඒ අනුව බැංගලෝර් කණ්ඩායම ලකුණු 112ක ජයක් වාර්තා කළා.
මේ අතර දෙවැනි තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරදා කඩුළු 6ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 144ක්. එහිදී ශිවම් ඩූබේ නොදැවී ලකුණු 48ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













