ධීවරයින් 07 දෙනෙකු සමග ගමන් කරමින් සිටි ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට සැතපුම් 270ක් දුරින් නෞකාවක ගැටී අනතුරට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ධීවරයින් තිදෙනෙකු අතුරදන්ව තිබෙනවා.

එසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 28,43 හා 52 යන වයස් වල පසුවන අහුන්ගල්ල සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

අතුරුදන් වුවන් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති අතර බේරාගත් ධිවරයින් සිවු දෙනා ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා
ගාල්ල වරාය හා නාවික හමුදාව මේ පිලිබදව වැඩි දුර විමර්ශන කරනු ලබනවා.

WhatsApp Group

Skip to content